බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥාණසාර ථෙරුන් විසින් දිගින් දිගටම මුස්ලිම් නායකයන්ට සහ සංවිධාන වලට බොරු මඩ ගැසීම නිසා “කෙප්පසාර” යනුවෙන් “අළුත් නමක්” ෆේස් බුක් පෝස්ටරයක සටහන් වී තිබෙනු දුටුවෙමි. කෙසේ වෙතත් මෙම ලිපිය වෙන්කරන්නේ බොදු බල සේනාවට හදිසියේ ඇති වී තිබෙන සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් කෙරෙහි කැක්කුම කුමක්දැයි විමසා බැලීමටයි.
බොදු බල සේනාව ඇතුළු මෙම ජාතිවාදී සංවිධාන සියල්ලම ආරම්භ වුයේ බොදු පුබුදුවක් ඇති කිරීමේ අරමුණෙනි. ඇත්තටම අද බුදු දහම තිබෙන තත්වය දකින සැමට බොදු පුනරුදයක් අවැසි බව නොකිවමනාය. නමුත් මේ අය පටන් අරගෙන තිබෙන දෙය සහ අවශ්‍ය බොදු පුනරුදය අතර විශාල වෙනසක් තිබෙන බව මගේ අදහසයි. එයට හේතුව නම් මේ අය කරන්නේ ඊනියා බොදු පුනරුදයක් කියා බෞද්ධ ජනතාව මේ රටේ තවත් ජනකොටසක් කෙරෙහි උසි ගැන්වීමක් බැවිනි. මෙමගින් බුදු දහමට යහපතක් වේද? යන්න බුද්ධිමත් ජනතාව විසින් විමසා බැලිය යුතු කරුණකි. එසේ නැතහොත් සිදු වන්නේ බොදු බල සේනාව විසින් උසි ගන්වන විට බුරන සුනඛයන්ගේ තත්වයට පත්වීමටයි.
ඇත්තටම අද බොදුනුවන්ට අවශ්‍ය කර තිබෙන්නේ ආධ්‍යාත්මික පුනරුදයකි. එයට හේතුව අද බෞද්ධයන් විශාල වශයෙන් දහමෙහි මුලධර්මයන් අතහැර අන්‍ය ආගම් සහ අන්‍ය විශ්වාසයන් වැලඳ ගැනීමට පෙලඹීම නිසාය. දහම හැරයාම සේම දහම තුල සිටිමින් අන්‍ය විශ්වාසයන් වල එල්බීම තුලින්ද දහමට සිදුවන්නේ විශාල හානියකි. මෑතකදී ලංකාදීප පුවත් පතේ බොදු පුබුදුව නම් සංවිධානයක් විසින් හලාල් සංකල්පයට විරුද්ධව පලකළ පිටු භාගයක දැන්වීමට පිරිවැය දරා තිබුනේ “ආසිරි වනිගරත්න” නම්වු “ෆෙංෂුයි සංකල්පයෙන්” මුදල් ගරන කෛරාටිකයෙකි. මොවුන් මෙරට ප්‍රචලිත කරන සංකල්පය නම් “ලාෆිං බුද්ධාය”. මෙය බුද්ධ සංකල්පයට සම්පුර්ණයෙන්ම පටහැනි අතර බුදු දහමට කරන අවමානයක්ද වේ.
මෙවැනි බොහෝ අන්‍ය ඇදහිලි රැසක් නූතන බෞද්ධ සමාජය තුල ඇත. සායි බාබා, ලක්ෂ්මී වන්දනාව පමණක් නොව කතරගම දේව සංකල්පයද හින්දු ආභාශයෙන් පැමිණි ඒවාය. එමෙන්ම රටේ නායකයන්ගේ පටන් ජනතාව දක්වාම පිළිලයක් සේ වර්ධනය වී ඇති ජ්‍යොතිශය සංකල්පයද සැබෑ බුද්ධ දර්ශනයට අනුකූල නැත. අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමියන් විසින් මේවා දැඩිලෙස විවේචනය කරන ලදී. සෝම හිමියන්ගේ අභාවයෙන් දැන් ඒ කටයුත්ත කිරීමට කිසිවෙක් දක්නට නැත. නමුත් අද ඉන්නා පිසාච ගණින්නාන්සේලා කරන්නේ සිය ජාතිවාදය පැතිරවීමේ කුමන්ත්‍රණයට මුදලින් දායකත්වය ලබා ගැනීමට මෙවැනි බුදු දහම වනසන්නවුන් හවුල් කර ගැනීමයි.
බොදු බල සේනාව විසින් ආරම්භයේදී දිගින් දිගටම මුස්ලිම් වරුන්ට පහර ගැසීමට යාමේදී මුස්ලිම් වරුන් අතරින් එයට දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල විය. මේ නිසා බොදු බල සේනාව ජාතිකව සහ අන්තර්ජාතිකව අපකිර්තියට ලක් විය. රජයෙන්ද තර්ජන ගලා එන්නට පටන් ගැණුනි. මෙහිදී ඔවුන් පසුබැසීම පසෙකලා අළුත් පිළිවෙතකට මාරු විය. එනම් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් පිළිබඳ කැක්කුමයි. දැන් ගලබඩඅත්තේ ඥාණසාර නම්වු භික්ෂුවට මෙම සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් කෙරෙහි පුදුමාකාර උණක් හටගෙන ඇත. ඒ බව පසුගිය දිනක රාත්‍රියේ පැවැත්වුණු ටී.එන්.එල් රූපවාහිණී නාලිකා සාකච්ඡාවකදී මැනවින් දක්නට ලැබුණි.
මෙහිදී ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම් යනුවෙන් හඳුන්වන්නේ පස්වේල නොවඳින, හලාල් නොකන, හිජාබ් නොහඳින, දියුණු ව්‍යාපාර නොකරන, වැඩිදුර අධ්‍යාපනය නොලබන අයයි. මන්ද ඔවුන් මුස්ලිම් පල්ලි, හලාල්, හිජාබ්, මුස්ලිම් ව්‍යාපාර සහ අන්තර්ජාතික පාසැල් වලට දක්වන විරෝධයෙන් අපට එය සිතා ගත හැකිය. විදුලිබල ඇමති කමින් කසිකබල් ඇමති ධූරයකට වැටුණු චම්පික රණවක ඇමතිවරයා ලංකාදීප පුවත් පතට ලියන තීරු ලිපියක අදහසට අනුව ලංකාවේ මුස්ලිම් අන්තවාදී කල්ලි හතරක් ඇත. එනම් තබ්ලික්, තරීකා, තව්හීද් සහ ජමාත් ඒ ඉස්ලාම්ය. මේ සංවිධාන හතරේ සිටින මුස්ලිම් වරුන් ඉවත් කළ පසු තවත් මුස්ලිම් වරයෙක් ඉතුරු නොවන බව මේ මැටි ඇමති වරයා නොදනී.
මේ සියල්ලෙන් ජාතිවාදීන් විසින් ව්‍යංගාර්ථයෙන් මුස්ලිම් අපිට කියන්නේ කුමක්ද?
“මුස්ලිම් වරුනි, අපි අපේ ආගම හරියට අදහන්නෙ නැහැ. අපි අපේ ආගම දවසින් දවස වලපල්ලට යවනවා. ඒත් උඹලා එහෙම නැහැ. උඹලා දවසින් දවස උඹලාගේ ආගම ඉගෙන ගන්නවා. ආගමට ලං වෙනවා. ඒ නිසා උඹලා එකමුතු වෙනවා, දියුණු වෙනවා. අපිට උඹලා ගැන ඉරිසියයි. ඒ නිසා කරුණාකරලා උඹලාගේ ආගමෙන් ඉවත් වෙලා දියුණු වෙන්නේ නැතිව අපි වගේ බොරු ෂෝක් කර කර හිටපල්ලා. එතකොට අපිටත් පිස්සු උඹලටත් පිස්සු. එවිට අපට එක්වී මෙසේ ගයන්න පුළුවන්. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු – මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු!”