BREAKING NEWS

Jul 18, 2014

බොදුබල සේනා සිංහල-මුස්ලිම් සමගිය විනාශ කරන දේශ ද්‍රෝහී ව්‍යාපාරයකි : NSC

gnane
ශූරා කවුන්සිලය තහනම් කරන මෙන් බොදු බල සේනා කර ඇති ඉල්ලීමට කවුන්සිලයේ ප‍්‍රතිචාරය
​​බොදුබල සේනා යනු සිංහල-මුස්ලිම් සමගිය විනාශ කිරීම ඉලක්ක කර ගත් දේශ ද්‍රෝහී ව්‍යාපාරයකි
ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානවල සාමාජිකයන්රාජතාන්ත‍්‍රිකයන්විද්වතුන් හා ස්වේච්ඡා කි‍්‍රයාකාරීන්ගෙන් සැදුම් ලත් හා ජාතික සමගිය වෙනුවෙන් කි‍්‍රයා කරමින් සිටින ජාතික ශූරා සභාව තහනම් කරන මෙන් බොදුබල සේනා කල්ලිය බල කරමින් සිටීම ඇත්තෙන්ම අප විශ්මයට පත් කළේ නැත. මෙම බලකිරීමෙන්ම අසත්‍ය ප‍්‍රකාශ මගින් ද්වේෂය පතුරවමින් මෙරටේ පවතින සිංහල-මුස්ලිම් සුහදත්වය විනාශ කිරීම බොදුබල සේනා කල්ලියේ එකම අරමුණ බව නැවතත් තහවුරු වී ඇත.
කොටින්ට සහය දීම මගින් ශ‍්‍රී ලංකාව තුල ඊළමක් බිහි කිරීමේ තම දුෂ්ට අභිලාෂය මුදුන්පත් කර ගැනීමේ මායිමටම පැමිණි රටක් වන නෝර්වේ රාජ්‍යයටපූර්ණ මූල්‍ය අනුග්‍රහය ඇතිව බොදුබල සේනා සාමාජිකයන් 2011 ඔක්තෝම්බර් මස ගොස් එහි කොටි ඩයස්පෝරාව හමු වීමෙන් පසුව ලංකාව තුල මුස්ලිම් භීතිකාවක් පතුරවා ජාතිවාදී කෝලාහල ඇවිලවීමේ රුදුරු කොන්ත‍්‍රාත්තුවක් බොදුබල සේනා කල්ලිය භාර ගෙන තිබෙන බව පැහැදිලිවම පෙනේ. එසේ කළ විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අප රටට එරෙහිව කටයුතු කරමින් සිටින බටහිර බලවේගවලට එම කාරිය තවත් පහසු වනු ඇත. මේ නිසා බොදුබල සේනා කරමින් සිටින අපරාධ නිසා දරුණු මිලක් ගෙවන්නට වන්නේ සුළුතර ලාංකික මුස්ලිම් ප‍්‍රජාවට පමණක් නොව මුළු මහත් ජාතියටමය. 
බොදුබල සේනා කල්ලියේ පළමු ඉලක්කය වූයේ ජමියතුල් උලමා සංවිධානයයි. ඔවුන් එසේ කළේශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට බටහිර රටවල් ජිනීවා නගරයට පෙළ ගැසෙමින් සිටි රටට අතිශය දුෂ්කර අවදියකරට වෙනුවෙන් මුස්ලිම් හා අරාබි රටවල සහය ලබා ගැනීමට ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ජිනීවා ගොස් සිටි අතරතුරේමය. ලාංකික මුස්ලිම් ජනයාගේ ප‍්‍රමූඛතම ආගමික සංවිධානයක් එසේ දේශපේ‍්‍රමී ලෙසින් කටයුතු කළේ ජිනීවාවල අප රටට එරෙහිව ජය ගනු ඇති බටහිර මුල් කරගත් තීරණයකින් සුළුතර මුස්ලිම් ජනයාටද සිදු වන්නේ යහපතක්මය යන කරුණ සැලකිල්ලට නොගෙනය.
ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව බොදුබල සේනා පළමුවෙන් භාවිතා කළේ හලාල් ප‍්‍රශ්නයයි. එසේ වුවද හලාල් සහතිකය මගින් මෙහි වාසය කරන සුලූ සංඛ්‍යාවක් මුස්ලිම් ප‍්‍රජාවට ලැබෙන වාසියට වඩා එයින් වැඩි වාසි ලබන්නේ මුස්ලිම් නොවන හා බහුතර සිංහල අපනයනකරුවන්ඔවුන්ගේ කර්මාන්තශාලාවල වැඩියෙන් රැකියා කරන සිංහල ජනයා හා රටේ ආර්ථිකය බව වාණිජ මණ්ඩලය වැනි කරුණු කාරනා දන්නා ආයතන මනාව දනියි.
මේ අනුව බොදුබල සේනා කල්ලියේ අත්‍යන්ත අරමුණ වන්නේ සමස්ත රටේ යහපත හෝ බහුතර සිංහල ප‍්‍රජාවගේ යහපත නොව තමන්ගේ දේශ විරෝධී නිර්ලජ්ජී කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීමය. මෙය සනාථ වුනු තවත් එක් අදියරයක් ලෙසින් බොදුබල සේනා කල්ලියේ පරාජිත හලාල් කෝලාහලය දැක්විය හැක. 
එයින් මාසයකට පමණ පසු දඹුල්ල මුස්ලිම් පල්ලියක් බොදුබල සේනා කල්ලියේ ඉලක්කය විය. එදා පටන් අළුත්ගම දක්වා ක‍්‍රමක‍්‍රමයෙන් මෙරට සාමකාමීව වාසය කරන අහිංසක මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි අස්ථාන පිළිකුලක් පැතිරවීමේ කොන්ත‍්‍රාත්තුව බොදුබල සේනා කල්ලිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන මහා විනාශයක් කිරීම දක්වා එය ප‍්‍රසාරණය කර ඇත. මෙම විනාශකාරී තත්වය දක්වා ඒමට බොදුබල සේනා උපයෝගී කළ සියලූම චෝදනා හා මඩගැසීම් පදනම් රහිතඅතිශයෝක්තියෙන් කියන ලද අමූලික මුසාවන් බව සැකෙවින් ඔප්පු වී ඇති සැටි දැන් මුලූ ලොවම දනියි. 
ජූනි 15 හා 16  අළුත්ගම සිදු කරන ලද මහා විනාශයට මුල පිරුවේ බොදුබල සේනා මහලේකම් ඥාණාසර හිමිගේ කතාව බව නීති විශාරදයෙකුට නොව ශිෂ්‍යයෙකකුට පවා පෙනෙන කරුණකි. අළුත්ගම සිදු වූ විනාශය එදිනම මුලූ ලොවම ඇසුවේය. දුටුවේය. නමුත් එය සිදුවුණේ කිසිදු මුස්ලීම්වරයෙකුගේ දායකත්වයෙන් තොරවය. එම දරුණු අපරාධ රැල්ල සඳහා වන ශ‍්‍රව්‍ය දෘශ්‍ය සාධක සමාජ ජාලවල සුරක්‍ෂිතව තිබේ.
අළුත්ගම විනාශය සඳහා කුමන්ත‍්‍රණය කළවුන් එමගින් ඔවුන් අපගේ මාතෘභූමියට පමණක් නොව ලංකාවේ බුදු දහමට පවා ඇති කර තිබෙන කැලළ හා හානිය ගැන සිතුවාද?
අප රට වෙනුවෙන් ප‍්‍රධානතම ආදායම් මාර්ගය බවට මැදපෙරදිග රැකියා පත් කර වැලි කතරේ දහදුක් විඳින මිලියනයකටත් අධික ශ‍්‍රී ලාංකිකයන්ට මොවුන්ගේ අනුවණකම් නිසා ඇති විය හැකි ලැජ්ජාව හා අසීරුතාවය මොවුන්ට පෙනුනාද?
ලොව පුරා පැය ගණනකින් අප රටට මේනිසා දැවැන්ත දුර්නාමයක් උපයා දී ඇති හා අපගේ ගෝලීය මිතුරන් අප‍්‍රසාදයට පත් කර ඇති හා අපගේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයට කණකොකා හඬවන්නට කි‍්‍රයා කර ඇති බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් ඔවුන් කවුරුන්ද
මුස්ලිම් ලෝකයේ අභිමානවත් බුහාරි මස්ජිත් ඉමාම්වරයාගේ ඉල්ලීම පරිදි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ දහස් ගණනින් රැස් වී ජිනීවාවල අප රටට එරෙහිව ඔවුන් ගෙනෙන්නට වෑයම් කළ යෝජනාවට 2012 මාර්තු 15 වැනි දින විරෝධය පෑවේ අළුත්ගම බේරුවල මුස්ලිම්වරුන් මිස බොදුබල සේනා ඇත්තෝ නොවේ. ලාංකික මුස්ලිම්වරුන් එසේ විරෝධය පෑවේ ඇමරිකාව ගෙනෙන එවැනි යෝජනාවක් සාර්ථක වුවහොත් එයින් ලාංකික සුළුතර මුස්ලිම් ජනයාටත් ඇතැම් වාසි තිබෙන තත්ත්වයක් තුල තමන් ගැන නොසිතා සමස්ත රට ගැන අවධානය යොමු කරමිනි.
මෙය සිහි තබා ගනිමින් අළුත්ගම දුර්භික්ෂයට මුල පිරූ ඥාණසාර හිමිගේ ද්වේෂ කතනයට යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ මඳකට සවන් දෙන මෙන් ඉල්ලා සිටිමු.
නිදහස ලැබුනු දා පටන් කොටි බෙදුම්වාදයට සහය නොදීම හා ජෙනීවා දක්වා ලාංකික මුස්ලිම් ජනයා මෙරට වෙනුවෙන් කර ඇති සියලූ දායකත්ව සහ කැපවීම්පරිත්‍යාග මෙන්ම මුස්ලිම් අරාබි රටවල් අපට දක්වන දැවැන්ත ආර්ථික සහයෝග ආදිය ගැන අබමල් රේණුවක් තරම් හෝ නොසිතා අහිංසක මුස්ලිම්වරුන්ගේ ජීවිතදේපළආර්ථික හා ආගමික ස්ථාන ගිනි බත් කර විනාශ කරන්නට සිංහළ තරුණයන්ව පෙළඹවීම මගින් මෛත්‍රියසාමය හා කරුණාව දෙසිය යුතු බෟද්ධ භික්ෂුවක් කළ දේ යුක්තිසහගතදැයි අසනු කැමැත්තෙමු.
මේ තරම් විනාශයක් කළ හැකි බොදුබල සේනා නිහඬව සිටින විට ප‍්‍රබල ඇමරිකාවට විරෝධය දැක්වූ මුස්ලිම් ප‍්‍රජාවට හේතු රහිතව මෙවන් අහස පොළොව නුහුලන ආපරාධයක් කළ බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් ඔවුන්ට දිය හැකි නම කුමක්ද?
මෙහි එක් ශෝචනීය හාස්‍යයක්ද ඇත. එනම් අළුත්ගම විනාශයෙන් පසු මෙම අපරාධයට පෙරදැරී වී සිටියේ චීවරධාරීන් හෙයින් අපට සැනසිලි බස් කීමට මෙරට ස්වාමීන් වහන්සේලා හනික එනු ඇතැයි අප සිතුවෙමු. නමුත් අපගේ සහයට පැමිණියේ හා එම විනාශකාරී කි‍්‍රයාව ප‍්‍රබලතම ලෙසින් හෙළා දැක්කේ අන් කිසිවෙක් නොව අපෙන් දෝෂාරෝපණ ඇසූ ඇමරිකාවයි. බොදුබල සේනා කල්ලිය සටන ජයගෙන සංග‍්‍රාමය පරාජය වී සිටින අතර ඇමරිකාව මේ අතින් විශිෂ්ඨ ජයක් අත් කර සිටියි.  කරුණු  එසේ නම් බොදුබල සේනා කල්ලියේ කි‍්‍රයාවලිය දේශ විරෝධී ව්‍යාපාරයක් නොවේ නම් වෙන කුමක්දමෙවන් කඩාකප්පල්කාරී කල්ලියක් රට තුලම සිටින විට අපගේ රට විනාශ කිරීමට තවත් බාහිර සතුරෙක් අපට අවශ්‍ය වන්නේ නැත.
මෙවන් තත්වයක රටේ එක්සත් හා ඒකීය බව වෙනුවෙන් කි‍්‍රයා කරන ජාතික ශූරා කවුන්සිලය වැනි සංවිධානයක් තහනම් කරන මෙන් බොදුබල සේනා කර ඇති ඉල්ලීම අප මවිතවයට පත් කරන්නේ නැත. එමෙන්ම පෙරලා බොදුබල සේනා කල්ලිය තහනම් කරන මෙන් අප කිසිවිටෙක නොකියමු. අපට කථිකාවක් ගොඩ නැගීමට අවශ්‍ය වන්නේ මේ රටේ බහුතර සිංහළ ජනයා සමගය. මන්ද බොදුබල සේනා වෑයම් කරන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහළ බහුතරයේ මනස දූෂිණය කිරීමටය. බොදුබල සේනා කළ යුත්තේ ශූරා කවුන්සිලය තහනම් කරන මෙන් මොර දීම නවතා අප මෙහි ඉදිරිපත් කර ඇති ප‍්‍රශ්නවලට හැකි නම් පිළිතුරු දීමය. අළුත්ගම ව්‍යශනයට වගකිව යුත්තන් සියල්ලන්වම නීතිය හමුවට ගෙන ආ යුතුය යන කරුණ අප අවධාරණය කර සිටින අතර මෙම අන්තයෙන් ශ‍්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය විසින් ගෙන ඇති ධණාත්මක පියවර ප‍්‍රශංසාවට ලක් කරමු.
ජාතික ශූරා සභාව රාජ්‍ය නොවන සංවිධානයක් නොවේ. අප ඉහත සඳහන් කළ පරිදි මෙය ජාතික මට්ටමින් රටේ යහපත වෙනුවෙන් කි‍්‍රයා කරන විවිධ සංවිධානවල සාමාජිකයන්ගේ සංකලනයක් පමණකි.  මෙහි ප‍්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වු අල්හාජ් බදියුද්දීන් මහ්මූද් මහතාගේ පුත් තාරික් මහ්මූද්ය. තවද ශ‍්‍රී ලංකා තානාපතිවරුන් ලෙසින් සේවය කළ රාජතාන්ත‍්‍රිකයන් කිහිප දෙනෙක් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සුප‍්‍රකට වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් එක්ව මෙය පිහිටා ගත්තේ බොදුබල සේනා කල්ලිය හිස එසවීමෙන් පසුවය.
ලොව ශූරා නමින් ඇති සංවිධාන කිසිවක් සමග අපට සබඳතාවයක් නොමැති අතර අපගේ මුල්‍ය අවශ්‍යතා අප සපුරාගන්නේ සාමාජිකයන් හා ඔවුන් අයත් වන අන් සංවිධාන ලබා දෙන ආධාරවලිනි. අපට ආධාර ලබා දීමට විදෙස් සංවිධාන කිහිපයක් ඉදිරිපත් වුවද ලාංකිකයන් වන මුස්ලිම් අපගේ මැසිවිලි ලාංකිකයන්ටම ගෙන හැර දක්වා ලංකාව තුලම විසඳුම් සොයන මව්බිමට ආදරය කරන අකලංක ලාංකික සාම සංවිධානයක් ලෙසින්ම නොකඩවා පැවතීම අපගේ පරමාර්ථය හෙයින් ඒ සැම ආරාධනාවක්ම අප ප්‍රතික්ෂේප කළෙමු. මේ සියලූ අර්බූද මෙහිම විසඳා ගත හැකිය යනු අපගේ අචල විශ්වාසයයි. එසේ අප ස්ථිරවම විශ්වාස කරන්නේ භාග්‍යයකට මෙම රටේ බහුතර ජනයාගේ යටිහිත සාමය සහ සමගිය පතන්නක් බව අප හොඳින් දන්නා හෙයිනි. 
තාරික් මහ්මූද්
සභාපති
ජාතික ශූරා සභාව​

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &