பொதுபல சேனாவின் ஒழுக்கமும் பௌத்த பண்பாடும்
Posted by
AliffAlerts
on
17:36
in
NL
|
ඇත්තටම
ඔයාල බුදුන්ගේ දේශනාව අනුව ජිවත් වෙන එම දහම පිළිපදින උදවිය කියල ෂූවර්ද ?
එහෙම නැතිනම් එම දහම පිළිපදින මිනිස්සු වෙසින් ඇවිත් එම දහම විනාශ කරන්න
හදන ඉවැන්ජලික කල්ලියක වන්දි බට්ටයෝ නඩයක්ද ?? Bodu bala sena ??
ඇත්තටම බෞද්ධයකුට එහෙම ආඩම්බර වෙන්න පුළුවන්ද ? ආඩ්ම්බර කමක් එන්නේ මාන්නය තිබුනාම. මාන්නය තියෙන කෙනාගේ බෞද්ධකම අහලකවත් නැහැ..
කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
තේරුම
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි
දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක
වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.
නිහතමානි වීම බෞද්ධකමයි...
—
සිංහල බෞද්ධයෙක් නම් ආඩම්බර වෙන්න ඕන නිහතමානිව..
සංඛ්‍යාවෙන්වත්, ලෝකෙ ලොකු චරිත බෞද්ධයන්වීමවත් අපිට නිවන් යන්න තියා, අපෙ ජීවිත නිවරදිව ගත කරන්නවත් උදව් දෙන්නෙ නෑ...
ඔය වගේ අදහස් කියන අයට ඕක වැරදියි කියල කිව්වම අපි ජාතියට ආදරේ නැති
මිනිස්සු කියල කියනවා.... එහෙම අය කවුද කියල කියන්න යන්නෙ නෑ ඉතින්...
ද්වේෂය
රෞද්‍ර ස්‌වභාවය ගන්නා ද්වේෂය, භය ස්‌වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතිකූල
(පිළිකුල්) ස්‌වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්‌වභාවය ගන්නා ද්වේෂය යි. ද්වේෂය
සතර ආකාර වේ. එය ද අනේක වේශයෙන් පහළව සත්ත්වයන් රවටන්නේය.