වැලිවේරියේ බීමට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා ඝාතනය කරද්දී වචනයක්වත් කතා නොකර හිටි ජාතිවාදී බලවේගයක් ගොන්නු රෑනක් බේරා ගෙන තිබේ.
මෙම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් අවුලූවාලන සංවිධානය මහත් වෙහෙසක් දරා බේරා ගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්යාලයේ කෘෂි විද්යාපීඨයේ ගොනුන් 21දෙනකු වැලිගම ව්යාපාරිකයකුට විකිණීමේ ගනුදෙනුවකි.
මේ වන විට කෘෂිකාර්මික කටයුතුවලට ගොනුන් යොදා නොගන්නා නිසා ගොවීන්ට නොමිලේ දෙන ගොනුන්ද හොර රහසේ මස් කඩයට විකුණා දමන බව විශ්වවිද්යාලය පවසයි.
ගොන්නු වෙනුවෙන් හොටු කඳුළු හෙළන මොවුන් මිනිසුන් මරා දමද්දී නිහඬව සිටින්නේ ප්රණඝාත අකුසලයට හසු වන්නේ ගොන්නු මැරීම පමණක් නිසා දැයි සිසුහු ප්ශ්න කරති.