මේ දිනවල චීනය පුරා පැතිර යන අධික උෂ්ණත්වය හේතුවෙන් එරට පුරා විවිධ සිදුවීම් වැළක් වාර්තා වන බව විදෙස් වාර්තා වේ.
පාරවල වළවල් වැසූ ආවරණ මත තබා බිත්තර හා ඉස්සන් බැදීම්, ජලයේ හා මඬේ බැස සිරුරු සිසිල් කරගැනීමට පොරබදින චීන ජාතිකයන්, අධික රස්නය නිසා ඉබේ ගිනි ඇවිලූනු දැන්වීම් පුවරු, කැඩුනු වීදුරු, ඉබේ රැුකෙන බිත්තර වැනි සිද්ධීන් රැසක් වාර්තා වේ.
මෙවැනි අධික රශ්නයක් චීනයෙන් වාර්තා වන්නේ වසර 140කට පසුව බවත්, එරට නගර හා ප්රාන්ත 40කට වැඩි ප්රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වැඩිවී ඇතැයි ද විදෙස් වාර්තා වල දැක්වේ.
මේ අතර, අධික රශ්නය හේතුවෙන් මරණ 10කට වැඩි ප්රමාණයක් වාර්තා වී තිබේ.
මෙම අධික උෂ්ණත්වයෙන් වැඩිම බලපෑමක් ඇතිවී ඇත්තේ චීනයේ දකුණු හා නැගෙනහිර ප්රදේශවලට වන අතර, එය අගෝස්තු මැද දක්වා එලෙසම පවතිනු ඇතැයි ඒජන්සි වාර්තා සඳහන් කරයි.
මේ වන විට චීන බලධාරීන් විසින් සාමාන්යයෙන් ගංවතුර හා ටයිෆූන් තත්වයන් අවස්ථා වලදී ප්රකාශයට පත්කරන දෙවැනි මට්ටමේ කාලගුණික හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.