අන්තවාදී සුපර්ස්ටාර් හලාල් විරෝධයේ දෙවන කොටස නැවත ආරම්භ වීමට සියළුම කටයුතු සුදානමින් පවතියි. මේ කටයුත්ත සඳහා දෙරණ දිල්කාගේ ලිදෙන් ඇදගෙන නාගත් මද්යසාර (කලින් නම නානසාර බව කරුණාවෙන් දැනුම් දෙමු) දැනටමත් මාධ්ය නිවේදන නිකුත් කිරීම ආරම්භ ලක ලෑස්ති වෙමින් සිටියි. මෙය හුදෙක් මද්යසාරගේ සුපර්ස්ටාර් කිරුළෙහි ජනප්රියත්වය නැවත උරගා බැලෙන අවස්ථාවක් පමණි. මෙවරද තරඟ තීරකයා වනුයේ ගොඨා වන අතර ගෝඨාට උවමනා ඕනෑම අවස්ථාවක සුපර්ස්ටාර් තරඟය හකුළුවා ගැනීමට තරඟ සංවිධායකයන් සැදී පැහැදී සිටී.
මහියංගනය ජුම්මා පල්ලිය වසා දැමීමේ සිදුවීම නිසා රජය නැවත වරක් මුස්ලිම් සමාජය හමුවේ අප්රසාදයට පත්වී ඇත. මේ නිසා ඉදිරි මැතිවරණ වලදී රජය වෙත මුස්ලිම් ඡන්ද ලැබීමේ ප්රමාණය දැඩිලෙස අඩුවනු ඇත. මේ තත්වය කල්තියාම වටහාගත් රජය විසින් තාවකාලික උපක්රමයක් ලෙස විපක්ෂයේ ජනප්රිය චරිත බිලිබා ගනිමින් නැතිවන මුස්ලිම් ඡන්ද වෙනුවට සිංහල ඡන්ද ආදේශ කරගැනීමේ වැඩපිළිවෙලක් අරඹා ඇත. මෙලෙස ආන්ඩුවට විරුද්ධව නැගී එන මුස්ලිම් සමාජයේ බලය මැඩ පවත්වා නැවත රජය වෙතට දිනා ගැනීමට හොඳම උපක්රමය වනුයේ අන්තවාදීන් ලවා නැවත මුස්ලිම් සමාජයේ ආගමික නායකත්වය වන සමස්ථ ලංකා ජමියතුල් උලමාවට පහර දීමයි. ජමියතුල් උලමාවට පහර වදින විට ඔවුන්ට ඇතිවන්නාවු පීඩනයේදී එම සංවිධානයේ නායකයන් නැවතත් ජනපතිවරයාගේ දෙපා මුලට එනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.
බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය කාලයේ ආරම්භ කළ කූරගල සටන, බුර්කා විරෝධය, බුද්ධගයා ප්රහාර විරෝධය වැනි නාටකයන් ජනතාව අතර එතරම් දුරට ජනප්රිය වුයේ නැත. මේ තත්වය යටතේ මද්යසාරගේ ජනප්රියත්වය නැවත ගොඩනංවා ගැනීමට හොඳම තුරුම්පුව හලාල් විරෝධය නැවත ඇවිලවීම බව ඔවුන් තේරුම් ගෙන ඇත. මෙතුලින් ඔවුන්ට දිනපතා සෝමක්කාගේ අලවාහිණී ටීවී එකේ පෙනී සිටීමට නොමිලේ චාන්ස් එක උදාවනු ඇත. එමෙන්ම අන්තවාදී අදහස් දරන බෞද්ධ ව්යාපාරිකයින්ගෙන් නොමඳ ආධාර උපකාර බොදු බල සේනාවට ලැබෙනු ඇත. මෙයින් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බැංකු ණය පියවා ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව තවදුරටත් එම සංවිධානය පවත්වාගෙන යාමට අරමුදල් එක්රැස් වනු ඇත.
හලාල් සලකුණු විරෝධයේදී මතුවු ප්රධානතම චෝදනාව වුයේ සිංහල සමාජයෙන් හලාල් සලකුණ සඳහා මුදල් අයකරමින් බලෙන් හලාල් කවන බවයි. නමුත් දැන් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් හලාල් සලකුන සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. එනමුදු බොදු බල සේනාව පවසන්නේ තවමත් වෙලඳපොලට හලාල් ලාංඡනය සහිතව භාන්ඩ නිකුත් කෙරෙන බවටයි. ඇත්තටම මෙසේ භාන්ඩ වල හලාල් ලාංඡනය සහිතව වෙලඳපොලට එනවා නම් ඒ නිශ්පාදකයාගේ කැමැත්ත මත මිස සමස්ථ ලංකා ජමියතුල් උලමාවේ නියෝගයක් මත නොවේ. මන්ද සමස්ථ ලංකා ජමියතුල් උලමාවේ හලාල් කමිටුව මගින් හලාල් ලාංඡනය සහිතව වෙලඳපොලට නිශ්පාදන එවීම අවශ්ය නොවන බවත් හලාල් නිශ්පාදන මොනවාද? හලාල් නොවන නිශ්පාදන මොනවාද? යන්න තමන් විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දීමේ ක්රමයක් ඇති කරන බවත් පවසා තිබියදී නිශ්පාදකයන් තවදුරටත් තමන්ගේ නිපැයුම් වල හලාල් ලාංඡනය යොදා තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්ත මතයි.
මා මේ සම්බන්ධව නිශ්පාදන ආයතනයකින් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් පැවසුවේ තමන් නිශ්පාදනය කරන ආහාර ලංකාවට පමණක් නොව අපනයනය උදෙසාද වන බවත් අපනයනය සහ රටේ පරිබෝජනය කිරීම කියා වෙනම ඇසුරුම් ක්රම දෙකක් පවත්වාගෙන යාමේ අපහසුව නිසා තමන් තවමත් හලාල් සලකුණ සහිතව ඇසුරුම් කරන බවයි. මන්ද ඔවුන් විසින් අපනයනය කරන්නාවු නිශ්පාදන වලට අනිවාර්යයෙන් හලාල් සලකුණ අවශ්යව ඇත. තවත් නිශ්පාදන ආයතනයක් අප සමග පැවසුවේ ඔවුන්ගේ නිශ්පාදන වලට සමාන නිපැයුම් විදෙස් රටවලින්ද ආනයනය කැරෙන බවත් ඒවායේ හලාල් සලකුණ තිබියදී තමන්ගේ නිශ්පාදන වල හලාල් සලකුණ නොවීම තමන්ට මහත් අවාසියක් ගෙනදෙන බවත්ය.
කෙසේ වුවද අන්තවාදී සුපර්ස්ටාර් හලාල් විරෝධී හිරිකිත සටන සඳහා අකමැත්තෙන් වුවද දැන් අපට සුදානම් වීමට සිදුවී ඇත. මෙවර ලිපි මගින් පමණක් නොව වීඩියෝ මාධ්යයෙන්ද ජනතාවට කරුණු වටහා දී ජනතාව අවදි කිරීමට බලාපොරොත්තු වෙමු.
