දුමින්දට මිනීමැරුම් චෝදනා..
භාරත ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද ඇතුළු 13ට නඩු..
අපි දිනුම්..අපි දිනුම්..හිරුණිකා සතුටින් උඩ පනී...
භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකුගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්රීවරයා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකුට අද (19) චෝදනා පත්ර භාරදී තිබේ.
මේ බව අද අධිකරණයේදී රහස් පොලිසිය මගින් දැනුම් දීමත් සමගම හිරුණිකා උඩ පනිමින් සංතෝෂය පළ කර තිඛෙනවා.
අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇය හිතවතුන් බදාගනිමින් කෑකෝ ගසමින් සිය සංතෝෂය පිට කළ අතර මාධ්ය අමතා කියා ඇත්තේ අපි දිනුම්..මට ඕන වුණ දෙයක් ඉටු වුණා.. ලෙසිනි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 22 ගෙන් 13 දෙනෙකුට මෙලෙස චෝදනා පත්ර භාරදී ඇත.
කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා හමුවේ එකී චෝදනා පත්ර දුන් බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
මොවුන්ට අපරාධ දණ්ඩ නීති සංග්රහයේ වගන්ති 146, 300 සහ 296 යටතේ නඩු පැවරෙන බව සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසු බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
එහිදී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්යයේ යුක්තිය ඉටු කිරීමට ගත් වෙහෙස ගැන ප්රශංසා කරන බවයි.
සැකකරුවන්ට එරෙහිව දැන් නඩු පවරා ඇති බැවින් ඒ අනුව මෙම නඩුව තවදුරටත් තමා ඉදිරියේ කැඳවිය නොහැකි බව පැවසු මහේස්ත්රාත්වරයා එය අංක 6 අධිකරණය හමුවේ විභාගයට ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
Feb 19, 2013
දුමින්දට මිනීමැරුම් චෝදනා.. හිරුණිකා සතුටින් උඩ පනී
Posted by AliffAlerts on 18:33 in NL | Comments : 0
