BREAKING NEWS

Feb 24, 2013

රජයේ නිල මාධ්‍ය වෙබ් අඩවිය හැකරුන් අත්පත් කරගෙන: යුද අපරාධ වීඩියෝ පෙන්වයි

(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.24, ප.ව.10.40) ශ්රී ලංකා රජයේ නිල මාධ්ය මධ්යස්ථානයේ වෙබ් අඩවිය හැකරුන් විසින් අල්ලාගෙන තිබේ. තොරතුරු හා මාධ්ය අමාත්යාංශය යටතේ ඇති http://media.gov.lk/ නම් නිල රාජ්ය මාධ්ය අඩවිය අත්පත් කරගෙන ඇති හැකරුන් විසින් එහි ශ්රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඕස්ටේ්රලියානු රූපවාහිනී මාධ්යයේ මීට පෙර ප්රචාරය වූ වීඩියෝ පටයක් ප්රදර්ශනය කෙරේ.

"සිවිල් දෙමළ ජනයා ඝාතනය නවත්වන්නේ නැතිනම් අපගේ ප්රහාරයන්ට මුහුණ දීමට සූදානම් වන්න" යි එහි සඳහන් කර ඇත.

ශ්රී ලංකා රජයේ වෙබ් අඩවි පසුගිය කාලයේ නිරන්තරයෙන් හැකර් ප්රහාරයන්ට ලක් වූ නමුත් ඒවායේ වීඩියෝ පට දර්ශනය කිරීම් සිදු වූයේ නැත.

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &