BREAKING NEWS

Feb 19, 2013

බොදු බල සේනා ත්‍රස්තවාදීන් :BBC

බොදු බල සේනා ත්රස්තවාදීන් ජනමාධ්යවේදීන් අත් අඩංගුවට ගනිද්දී පොලිසිය නිදි වදී: නයි රෙද්ද අස්සේ දමා ගන්නා ලොක්කෝ ලඟදීම 'කනවෝ' කියනවා ස්ථීරය----

බොදු බල සේනා තලේබාන් නිකායේ ත්රස්තවාදීන් මුස්ලිම් සහ ක්රිස්තියානි දේවස්ථාන කඩා බිඳ දමන විට මුස්ලිම් වානිජ ව්යාපාර වටලන විට 'ඒ ඉතිං උන්ටනේ' කියා සිතා නිහ~ව සිටි කාගේ කාගේත් ඇස් අරවමින් පසුගිය ඉරිදා මහරගම පැවැති රැලියේ දී ඒ මැර බලයම ජනමාධ්යට විරුද්ධවත් යෙදවූහ.

එම රැලිය වාර්තා කිරීමට ගිය බීබීසී ජනමාධ්යවේදීන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බොබසේ ත්රස්තවාදීන් පොලීසිය ඉදිරියේ ම ජනමාධ්යවේදීන්ට අසභ්ය වචනයෙන් බැන වැදුනහ. පොලීසියද කට වහගෙන චීවරධාරීන් ප්රමුඛ මැරසේනාවට බියේ නකුට දෙපරහැන්ද අස්සේ රුවා ගනිමින් සිටියේ මේ දිනවල රටපුරා දේශපාලන දාමරිකයින්ට යටත් වී සිටින ආකාරයෙන්ම ය.

මැර බලයට අවනත වූ පොලීසිය එම ජනමාධ්ය වේදීන්ට පිට වී යෑම තහනම් කළහ. ශ්රී ලංකාවේ බීබීසී මාධ්යවේදී චාල්ස් හැවලන්ඩ් කියා සිටියේ පොලීසිය දාමරික බලයට නතු වූ විට තමන්ට බියක් ඇති වූ බවයි. පසුව උසස් පොලිස් නිලධරයකු පැමිණ ඔවුන් නිදහස් කරන තුරැ බො.බ.ස. ත්රස්තවාදීහු ජනමාධ්යවේදීන්ගේ ජායාරූප ගනිමින් අම්මා මතක් කරමින් බැන වදිමින් සිටියහ. මෙම නීති විරෝධී අත් අඩංගුවට ගැනීම බො.බ.ස. නායකත්වයේ අනුදැනීමක් නැතිව සිදුවූවක් විය නොහැක්කේ ඔවුන් නිදහස් කරන ලෙස නායකත්වයෙන් නියෝගයක් නොලැබීම නිසා හෝ මෙම වරද ගැන කනගාටුව ප්රකාශ කිරීමක් හෝ සිදුව නැති නිසා ය. රැස්වීම් බිමෙහි බො.බ.සේ. නිල නොවන ත්රස්ත ජාලයක් ආරක්ෂාව සඳහා යැයි කියා විසිර සිටි අතර ඔවුන් අතර සම්බන්ධීකරනයක් වූ බව ද වාර්තා වේ.

ඒ අවස්ථාවේදීම මුස්ලිම් හිමිකාරත්වයක් ඇති නවමනි පුවත්පතේහි ජනමාධ්යවේදියාද අත් අඩංගුවට ගත් තවත් එවැනි මැර පිරිසක් ඔහුවද පොලීසියට බාර දුන්හ.

මෙම ජනමාධ්යවේදීන් ට සිය වෘත්තිය කරගෙන යෑමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මැර පිරිස් අත් අඩංගුවට ගත යුතුව තිබුන ද පොලීසිය කළේ ජනමාධ්යවේදීන් සිය බාරයට ගැනීමයි.

මුස්ලිම් ජනයාට එරෙහිව යොදවන ලද බොදු බල සේනා ත්රස්තවාදයට එරෙහිව කිසිදු පියවරක් නොගත් රාජපක්ෂ රජය මෙම ජනමාධ්ය විරෝධී ක්රියාවන් ද අනුමත කරනු මිස විරුද්ධ නොවනු ඇත.

බොබසේ ත්රස්තවාදය ඉදිරියේ දී ඔවුන්ට අවනත නැති ජනමාධ්ය වේදීන්ට පමණක් නොව ඔවුන්ට අවනත නොවන සාමාන්ය මහජනතාවට ද මෙලෙස ම ත්රස්තවාදීව හැසිරෙනු ඇති බව දැන් සිටම තේරුම් ගැනීම වැදගත් ය.

මහරගම රැස්වීමෙහි දී ජනමාධ්ය වේදීන් අත් අඩංගුවට ගැනීමෙන් සහ පොලීසිය තමන්ට අවනත බව පෙන්වීමෙන් දෙන ලද පණවිඩය ඉතා භයානක එකකි.

1988-89 යුගයේ දී දේශප්රේමී ප්රචන්ඩත්වය සමග දීග කෑ ශ්රිලනිපය ද අන්තිමේ දී එම ප්රචන්ඩත්වයටම ගෙදුරු වූ පරිදි අද බොදු බල සේනාව සමග දීග කන පිරිස් කෙරෙහිද මෙම ප්රචන්ඩත්වයම එල්ල වනු ඇත. මේ වනාහී පැසිස්ට් මාවතක ගමන ගන්නා භයානක ප්රවනතාවයකි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්රමසිංහද මෙම අන්තවාදී ත්රස්තවාදීන්ට කිරි පොවමින් සුහද සාකච්ජා පැවැත්වීමෙන් පෙන්වන්නේ මොවුන්ද අනාගතයේදී මෙම ෆැසිස්ට්වාදීන්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන අන්දමයි. නයි රෙද්ද අස්සේ දමා ගත් මොවුන්ට ද පසුව කනවෝ කනවෝ කීමට සිදුවනවා අනිවාර්යය.

එල්ටීටීඊ ත්රස්තවාදීන් මුල් කාලයේදී 'අවර් බෝයිස්' කියමින් තොඳොල් කළ ආගමික නායකයන් ද පසුකලෙක එම ත්රස්තවාදය විසින්ම බිලිගත් ආකාරය මතක් කරගන්නා ලෙස අද බොදු බලසේනා ත්රස්තවාදයට අනුබල දෙමින් සිටින බෞද්ධ මහනායක හිමිවරුන්ට ද අවධාරණයෙන් කියා සිටිමු.

(ස්තූතිය යුක්තියට)

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &