BREAKING NEWS

Aug 6, 2013

ලංකා සිතියම වෙනස් කරනවා– ජනපති

ලංකා සිතියම වෙනස් කරනවා– ජනපතිගොඩබිමට අලුතින් හෙක්ටයාර් 600 කට වැඩි කලාපයක්: කොළඹ දකුණ වරායේ නව පර්යන්තය ඉදිවීමත් සමඟ ලංකා සිතියමේ හැඩය පවා වෙනස් විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව ගෙවුණු සෑම පැයක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොළඹ දකුණ වරායේ ඉදිකෙරුණු දියකඩනය සහ නව පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.

මෙම වරාය සංවර්ධන කි්රයාවලියේදී මෙරට පෞද්ගලික අංශය සහ රජය ඒකාබද්ධ වෙමින් කටයුතු කළ බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්හ.

වර්තමානයේදී රජය ණය ආධාර ලබා ගන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් පමණක් බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

 

ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක හා ශ්රී ලංකා වරාය  අධිකාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් කොළඹ දකුණ වරාය පුළුල් කිරීමේ ව්යාපෘතිය ආරම්භ කෙරිණි.

මීටර් 30 ක් ගැඹුරු මුහුද ගොඩකර නිර්මාණය කළ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්යාපෘතිය මගින් ගොඩබිමට අලුතින් හෙක්ටයාර් 600 කට වැඩි කලාපයක් එක්විය.

ඉදිවන දියකඩනය කිලෝමීටර් 6.8 කින් සමන්විත වන අතර නෞකා මෙහෙයුම් ජලතටාකය හෙක්ටයාර් 260 කින් හා ගැඹුර මීටර් 18 කින් සමන්විත වේ.

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &