BREAKING NEWS

Feb 26, 2013

මුස්ලිම් දරුවෙක් සසුන් බිමට පුවතෙහි ඇතුල් පැත්ත!

පලමුව එම පුවත උපුටා දක්වමි:
මුස්ලිම් දරුවෙකු පැවිදි බිමට
කොස්වත්ත දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි මොහොමඩ් සබ්ප්රාස් නමැති මුස්ලිම් ජාතික දරුවකු තලංගම නාභීත නමින් පසුගියදා සසුන්ගත විය. මේ දරුවා මොහොමඩ් අනිසා සෙනුල් මහතාගේ තෙවන දරුවා වන අතර ඔහුගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ සසුන්ගත කිරීම සිදු කෙරිණි. අමරපුර දමලි සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ශ්රී දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් කොස්වත්ත අටේ කණුව ලුම්බිණි විවේක සේනාසනයේදී එහි විහාරාධිපති තලවතුගොඩ ශ්රී සද්ධා මංගල හිමියන්ගේ ප්රධානත්වයෙන් එම විහාරස්ථානයේ 24 වැනි සාමනේර හිමි වශයෙන් සසුනට එක්වූහ.

උපුටා ගැනීම අවසන්



මා සෙවු තොරතුරු අනුව ඉහත සඳහන් දරුවා පැවිදි බිමට ඇතුලත් වී ඇති බව සත්යයකි. මේ දරුවාගේ තාත්තා උපතින් මුස්ලිම් වන අතර මව සිංහල ජාතික කාන්තාවකි. නමුත් මොවුන් ජීවත්ව සිට ඇත්තේ මුස්ලිම් ආගමිකයන් වශයෙන් නොවේ. එමෙන්ම ඔවුන් අන්ත දරිද්රතාවයෙන් ජීවත්වු පවුලකි. එයට ප්රධානතම හේතුව වුයේ ඉහතකී මුස්ලිම් තැනැත්තාගේ බේබදු කමයි. ඔහු කෝකි වරයෙක් ලෙස කටයුතු කරමින් සිට පසුව බේබදු කම නිසා රැකියාවද අහිමිව කුලී වැඩ කරමින් ජීවිකාව කරගෙන ගොස් ඇත. එකල ඔවුන් ජීවත්ව සිට ඇත්තේ හීනටිකුඹුර ප්රදේශයේ වර්ග අඩි 400-450 අතර ප්රමාණයක කුඩා නිවසකයි. එය අයිතිව තිබුණේද ධනවත් සිංහල බෞද්ධ හාර්ඩ්වෙයාර් හිමිකරුවෙක්ටයි. එකල මෙම කුඩා නිවස තුල මෙම පවුලට අමතරව කාන්තාවගේ පවුලේ අයද ජීවත්ව සිට ඇත. අපිට ලැබුණු තොරතුරු අනුව එකල මෙම නිවසේ දස දෙනෙකුට වඩා පදිංචිව සිට ඇත. ඒ ඔවුන්ද අන්ත දරිද්රතාවයේ සිටි අය බැවිනි.



පසුව මීට වසර 3 කට පමණ පෙර මෙම මුළු පවුලම ඉස්ලාම් ධර්මය වැලඳගෙන ඇති අතර ඉන්පසුව ඉහත සසුන්ගතවු දරුවා අහදියා දහම් පාසලට පවා ඇතුලත් කර තිබී ඇත. මෙම කාලය තුලදී මෙම පවුලේ පියා මුස්ලිම් ධනවතුන් සහ ආයතන වලින් තමන්ට ජීවත් වන්නට නිවසක් ඉල්ලා ඇති නමුදු එයට කිසිවෙකුගෙන් යහපත් ප්රතිචාරයක් ලැබී නැත. මොවුන් නැවත බෞද්ධාගම වෙත යොමුවන්නේ ඉන් අනතුරුවයි. ඉහත නම සඳහන් දරුවා පංසලට භාර දී තිබෙන්නේ මෙයට මාස දෙකකට පමන පෙරයි. ඒ බෞද්ධ යතිවරයන් අතර මේ වන විට ඉතාමත් ධනවත් තත්වයක සිටින කොලොන්නාවේ සිරිසුමංගල හිමියන්ගේ පුර්ණ අනුශාසකත්වය යටතේ ඒ හිමියන්ගේ සංඝ පරපුර තුලයි.



අපට ලැබුණු ආරංචි මාර්ග අනුව මෙම දරුවාට වයස 16-18 අතර විය යුතුය. පවුලේ සමාජිකයන් අධික බව නිසා සහ පියාට නිසි ආදායමක් නැති නිසා මෙවැනි දරුවෙකුට පංසලක ජීවත් වෙනවා නම් කුස පිරෙන්න අහර ලබා ගත හැකි බව කවුරුත් දන්නාවු සත්යයකි. එමෙන්ම මෙමගින් මෙම පවුලේ මාපියන් සිතන්නට ඇත්තේ ඔවුන්ගේ දරිද්රතාවයට පිහිටක් ලැබෙනු ඇති බවයි. කෙසේ නමුදු මෙම පුවතට ලැබුණු ප්රසිද්ධිය නිසා ඔවුන්ට ඔවුන්ගේ අභිලාශයන්ද ඉටුවීමට බැරි නැත. සමහර විට මේ වන විට ඒ සම්බන්ධව පොරොන්දුද ලැබී ඇතිවාට සැක නැත.

THANKS TO ANWER MANATHUNGA


Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &