
අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්ය උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහ නා හිමියෝ අද අලුයම අපවත් වූහ.
ඒ, සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ය.
දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑලේ මහතා පැවසුවේ, මසකට අධික කාලයක් උන්වහන්සේ එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බව ය.
අද අලුයම අපවත් වනවිට අස්ගිරි මහා නායක හිමියෝ 85 වන වියේ පසු වූහ.